ගී පද
නිවන් දකින තුරා මතුදා
එකම මව් කුසයේ ඉපදිලා
මතුත් නුඹ මට හමු වෙයන්
මගේ අක්කණ්ඩිය වෙලා //
කැදැල්ලේ මව් පියන්ගේ
හිරු සඳුට අපි සම වෙලා
මතුත් නුඹ මට හමු වෙයන්
මගේ අක්කණ්ඩිය වෙලා
නිවන් දකිනා ....
මගේ මනසින් දුටුව දරුවන්
නුඹේ කුසයෙන් බිහිවුනේ
මවක් වෙමි ඒ ළදරුවන්ගේ
සැදෑවේ දිවියේ මගේ
නිවන් දකිනා .........