ගී පද
නිවාලන්න මා...//
හිමිවීමක් නැති
නිමාවක් නැති
ජීවිතේ පුරා
කාටවත් නැති
ආලයෙන් බැඳී
හීනයේ නුඹේ
එක බැල්මක් ඇති
නිවාලන්න මා....////
මා ලය තුරා වැතිරී
ඈ ගිමන්හරී
හීනයක්ද මේ
තාම දන්නැති
මතකයෙන් ඇදී
නුඹ හා ගෙවූ දිනේ
එක මොහොතකුත් ඇති
නිවාලන්න මා....////