නිවහල් සිතුවිලිniwahal sithuwili

Niwahal Sithuwili

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
ඩෝල්ටන් අල්විස්dooltan alwis

ගී පද

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි...//

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි...//

නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ...//

පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි...//

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි...///