නිවඩුවට මම එන්නම් බලාන් ඉන්නniwaduwata mama ennam balaan inna

Niwaduwata Mama Ennam

ගී පද

නිවඩුවට මම එන්නම් බලාන් ඉන්න 
ආදරයේ සොඳුරුම තැන් කත කරන්න
බංකරයේ ජීවිතයට නිවඩු ලැබුනා
යුද්ධය දැන් ඉවරයි මම ගම රට එනවා 

තල් ගහ යට සෙවනක් නෑ කවදාවත්ම
මගේ හිතට තනියක් නෑ සවිය ඇත මට
හැමතිස්සෙම දැකගන්නට නොහැකි උනාට
ඔයාව මට මතක්වෙනවා හැම මොහොතකම 

මා ඉපදුන මේ මවු බිම රැකගෙන ඉන්න 
වගකීමක් ඇත අද මට ඉටු කරලන්න
සෙනෙහසේ නාමයෙන් ඔබ මට තව දිරි දෙන්න
මම මැරුනත් මගේ නමත් රැදෙයි දවසක