නිසසල හදවත සසලව කැළඹෙයිnisasala hadhawatha sasalawa kaelambeyi

Nisasala Hadawatha

ගී පද

නිසසල හදවත සසලව කැළඹෙයි
ගත සිත අවිවේකයි
සසිකාමිණියේ මටම නොතේරෙන
එකම රහස මේකයි

දහසක්  දෙන මැද රසතැන් මුසුවෙන
ගීතනු ලියැවෙනවා
මියුලැස්  පරදන ඔබේ ඇස්  අභියස
මගෙ දිව ගොත වෙනවා

තෙරපෙන සිතුවිලි පටලැවි බිඳි බිඳි
මුනිවත ගිලිහෙන්නේ
එහි නැත අරුතක්  වදන් වැලක්  මිස
ඇයි මා ගොළුවෙන්නෙ

සැතපෙන යාමෙදි යටිහිත අවදිව
ඔබ සිහිගංවනවා
කුටියෙහි සරතැස රැවැති විමන් ලෙස
හසරැලි නංවනවා

දෙසවන් සනහන ඒ ලෙංගතු හඞ
දෙසවන් වෙත එද්දෙන්
දෙනයන කළ පින් දෙනයන පිනවන
ඔවු මට පලදෙද්දෙන්