නිසංසල රෑ වැසුණු සරසවියේnisansala rae waesunu sarasawiyee

Nisansala Raa Wasunu

ගී පද

නිසංසල රෑ වැසුණු සරසවියේ 
සුසුම් නොහෙළා  දෙසුම් හල මුදුනේ 
කියන් පිස ඔය කදුළු සදවතියේ
වසන්තය යළි එයිද හිමිදිරියේ....//

විසංවාදී  සුළඟ  ගිනි ඇවිලී 
පිපෙන්නට හැදු සිනා මල වියළී
ගමෙන් ගෙන  ආ කදුළකම පැටලී
නොඑන්නටමයි ගියේ ඇය වෙන්වී...//

ලැගුම්හල  සද මිදුල මැද තනිවී
සිතින් වනපොත් කරමි අප ගැයු ගී
හඩන්නට නෙත කදුළු  නැත ඉතිරී
කියන් මට ඇය නිදන ගම අසිරී....//