ගී පද

පි - නිසල සඳ ඔබ - සසල කල හද 
සද එලිය සේ මා 
ගැ - අඳුර නුබ ගැබ 
තරුද ඉකිලන රාත්‍රිය වෙමි මා... 

පි - නෙතට නෙත තියලා
හිත් ගැබට එබිලා 
දරු පැටවූ මගේ නලවනා ඔබ 
(සිතින් මා දැක්කා...//)

ගැ - සිතින් සිත පතනා අතින් අත අල්වා 
ලඟින් උන් ඔබ දුරස් වන සැටි 
සිතින් මා දැක්කා...

නිසල සඳ.../

පි - නිහඩ මා දිවියේ 
කවිය වූ ළඳුනේ 
රුව සුවද රැඳි මලකි ඔබ මට 
(මල් නොපිපි උයනේ...//)

ගැ - නොදැකරුව දිලිහේ 
සදින් සද ගෙඋනේ 
සුදු සුමුදු මුදු ප්‍රේමයම නෑ 
මසිත ඉව කෙරුවේ 

නිසල සඳ.../