ගී පද
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම් ...//
ක්ලේෂ තාපයේ අනන්ථ වේදනා ජලේ //
නෞකාව දම් අමා වඳිම් නමා නළල් තලේ
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් .../
දෑගසවු රහත් බුදුන් මා සිතින් පුදා //
වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් .../