නිරායාසේniraayaasee

Nirayase

සංගීතය:
WePlus
පද රචනය:
සඳුනි කරුණාරත්නsanduni karunaarathna

ගී පද

පාව ගියදා පවනේ රැල්
ශේෂ වූ ඒ මතකේ මල් ‍
යාවීලා
හීනේ හා
අහස කළබා අදුරේ කැන්
තෙමුන දා අසනි වැස්සේ මං
පාවීලා
හීනේ හා

දෑස් අඩවන් වී නිරායාසේ
තවත් හෙව්වා මං නුරා නෙතු ඒ
තනි වෙන්නම් මා... නුඹේ රුව සොය සොයා
සඟවන්නම් මා... පෙම් හසුනක් ලිය ලියා

ඉඩෝරෙට පොද වැහි වැටෙනා
තුරු බලාගෙන මා උන්නා
ඔබ නාව දා
තනිවී මා
දෑතෙ උණුහුම සිහිවීලා
නිතර රහසේ ඉකිබින්දා
නුඹ නැතිදා
තනිවී මා හා 

දෑස් අඩවන් වී නිරායාසේ....

මගේ ලොවේ සිනා මැවූ නුඹ
ආයෙමත් එකම එක වරක් මතකයට බරක්
වෙන්නේ නැත්නම් කියාපන්
වෙනදටත් පුංචි රිදුමටත් 
ලංව හැඬු නුඹත් ළඟින් අද නැතත් 
සිහිනයෙන්වත් නොයාපාන්

දෑස් අඩවන් වී නිරායාසේ....
තනි වෙන්නම් මා... නුඹේ රුව සොය සොයා
සඟවන්නම් මා...