නිමක් නොවෙනාnimak nowenaa

Nimak Nowena

සංගීතය:
ජනිත් රුසිරුjanith rusiru
පද රචනය:
තරිඳු ලක්ශාන්tharindu lakshaan

ගී පද

ගෙවෙන මොහොතින් මොහොත දිවියේ
ඔබේ රුවමයි හඳේ ඇඳුනේ
හිතුමන සැනෙකින් ඔබේ තුරුලේ
සැනසෙන්න බෑ කිසිම දිනයේ

නිමක් නොවෙනා මතක අතරේ
ඔබත් හිටියා පපුව ඇතුලේ
දුකක් දැනුනා නිතර රහසේ
කඳුළු පමණයි තනිය මැකුවේ 

හිතට නොදැනී වැටෙන හුස්මේ
අරුත දන්නේ ඔබයි ලඳුනේ
දෙතැන හිටියත් මෙලෙස නිහඬේ
මියෙන මොහොතක් ඔබයි මතකේ
නිමක් නොවෙනා මතක අතරේ

ඔබත් හිටියා පපුව ඇතුලේ
දුකක් දැනුනා නිතර රහසේ
කඳුළු පමණයි තනිය මැකුවේ