ගී පද
නිමක් ඉමක් නොපෙනෙන දිගු සසර දනව්වේ
අනන්තයක් පවින් තැනුනු අනියත දිවියේ
ලොවක් දිනන්නට වැඩ සිට සිතේ සිහසුනෙ
මනුස්සකම පිරිමහන්න එපා මිනිසුනේ
මනුස්සකම රගපාන්න එපා මිනිසුනේ.....
බලය පතා විසි කරනා කාසි හිගව දුක් විදිනා
දුගියො නොපෙනෙනා දුටුවාට නොදකිනා.
රහසෙ අනිසි ලෙස උපයා එලිපිට දෙවියන්ට පුදා පිහිට අයදිනා රැවටීම අදහනා.
නොමිනිස් කම දිනා ජයගොස පතුරනා මිනිසුන් අනාතයි සදා සසරේ අනාතයි සදා........
නැති තැන නැති දොස් පවරා බිදින්න බැරි අත ඉබලා.
කිලුට හිත තියා ගුන හොදම පවසනා.
මිතුරු හතුරු දෙකම දරා රගන චරිත එයි බොහොමා
හැකිවිට හිදිනා වැටුනාම පාගනා...
නොමිනිස් කම දිනා ජයගොස පතුරනා මිනිසුන් අනාතයි සදා සසරේ අනාතයි සදා