නිමා වුණා මගේ ආදරේnimaa wunaa magee aadharee

Nima Una Mage Adare

සංගීතය:
රුවන් ප්‍රනාන්දුruwan pranaandhu
පද රචනය:
රෝෂා ප්‍රනාන්දුrooshaa pranaandhu

ගී පද

(නිමා වුණා මගේ ආදරේ 
දුකක් දැනෙයි මගේ ජීවිතේ
සිතක් තනිව හඬනා රැයේ 
අද මා හැර දා ඇයි ගියේ......//)

ඔබ ගැනමයි නෙත් සොයන්නේ
ඔබ ගැනමයි සිත අහන්නේ
නැද්දෝ එය ඔබට පෙනෙන්නේ
මගේ කඳුලයි අද මා සනසන්නේ........

නිමා වුණා......

ඔබේ වචනයි සවනේ රැඳෙන්නේ
ඔබේ සුවඳයි හදේ තියෙන්නේ
නැද්දෝ එය ඔබට පෙනෙන්නේ
මගේ කඳුලයි අද මා සනසන්නේ........

නිමා වුණා......//