ගී පද
නිමා නොවුනු වසන්තේ
පෙම දුහුලැල් ලමැද හොවා
බලා සිටිමි ආදරයෙන් ඔබේ රුව දිහා
කතා කරයි ඔය ඇස් දෙක
මේ සිත අද්දරට වෙලා
සිහිලැල් සුළඟින් සිපගමි
සෙනෙහස තවරා
පාලු හීන එලිය වැටී
පාට සේලයෙන් සැරසී
නෙතු පිරි කඳුලක උණුහුම
දිය කර හැලුනා
හිත පිරි සෙනෙහස සිහිවී
යහනත මුදු පහස විඳී
නුඹේ ආදර හිත පැහැදුල්
සෙනෙහෙන් බැඳුනා
සඳ මඩලට තරුද ඇති
නුඹ මට හිමි නොවුණු හැටී
හැඟුම් සිත් මලින් ගිලිහි
හිත තනි වූවා
තුරුලට ගෙන වැතිර ඉමි
සිහිනෙන්වත් ඒද යලී
මගෙ ආදර සිහිනයේ පෙම් හිත වැලපෙනවා
නිමා නොවුනු වසන්තේ....