නිම් වළල්ලෙන් එපිටnim walallen epita

Nim Walallen Epita

ගී පද

නිම් වළල්ලෙන් එපිට සඳරැස්
ගලන නිල් මීටියාවතේ
නිහඬතාවය තුලින් තු වී
ඔබේ පා මුදු හඬ ඇසේ

පෙළ ගැහී දුර වන්දනාවක
ඉගිළ යන සමනලුන්නේ
පියාපත් මත තබා ඔබ මා
අනන්තය වෙත රැගෙන යේ

දහස් මුවෙකින් නැගෙන ඔල්වර
සිනා හඬ දසතින් ඇසේ
දහස් ගණනක් සෙනඟ අතරේ
මහා තනියක් මට දැනේ

අහස් ගඟ බඩ හිම වූ කුළු මත
ඔබේ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන මා
නිදන කුටියට පෙනෙන සේ