නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේnilwana landhee wel ipanaellee

Nilwana Lande

ගී පද

නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
සුවඳ ආදරයේ මිලින වී සැඟවේ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

තනි යහනේ නෙත නිදි නොයෙන්නා
මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ
කවියක්සේ සුළඟට ගියාදෝ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

තහනම් දෝ ප් ‍රේමය නපුරු දෝ
මං මුලාවී පිං මග පෙනෙන්නෑ
කුරුල්ලනේ මගෙ දුක ඇසේදෝ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ