නිලුපුල් දෙනතයිnilupul dhenathayi

Nilupul Denethai

ගී පද

නිලුපුල් දෙනතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගෙ හිත සසලයි
දෙනුවන් කැලඹෙයි
කියාගන්න බෑ ආදරේ

දිගු නෙත් බැල්මයි සුදු ඔබෙ මුහුණයි
ඔබ මා ලන්වුවා
මගෙ හද නිසලයි ඔබවම ඇඳී
සිත අසරණ වෙනවා 

නිලුපුල් දෙනතයි ....

ඔබ මා ඇමතූ මල් දින සැනෙකින්
මගෙ මුව ගොළු වුවා
පෙම් ලොව ඔබමයි ඔබවම පතමින්
අද මා ලත වෙනවා

නිලුපුල් දෙනතයි .... //