නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකටnilata nilee nil kaeteeta kadaa haelena jala kandakata

Nilata Nile

ගී පද

නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට
සීත සදන උල්පත ඔබය...
ඒ නිල් ජලකඳ මතුපිට අත්ලතබා හෙමි හෙමිහිට
තාල නඟන රළ පෙල ඔබය..
නොසිදෙන පෙම් උල්පත ඔබය...
බිඳෙනා පෙම් රළ පෙල ඔබය..

රතට රතේ පිපී වැනෙන නෙළාගන්න කියා කියන
පුදුම හිතෙන හිත් මල ඔබය...
ඒ හිත්මල සිඹ සනසන නටුමත කටු ඇති බව දැන
සුවඳ විදින බඹරිදු ඔබය...
පුදුම හිතෙන සිත්මල ඔබය..
සුවඳ විදින බඹරිදු ඔබය..

ගිරා නිලට පැසී දිලෙන නෙලා ගන්න කියා කියන
නුරා ගොයම් යායම ඔබය..
ඒ නව ගොයමේ කිමිදෙන ළය නියරේ නිති ඇවිදින
සරා සුවඳ මදනල ඔබය...
නුරා ගොයම් යායම ඔබය...
සරා සුවඳ මදනල ඔබය...

නිලට නිලේ නිල් කැටේට...