නිල් තරු නෙතු හිනැහේnil tharu nethu hinaehee

Nil Tharu Nethu Hinahe

ඇල්බමය
Roo Sanda Ra, Vol. 1
සංගීතය:
රූකාන්ත ගුණතිලකruukaantha gunathilaka

ගී පද

නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයෙහි දිලී
සිත සතුටේ කිමිදීලා
ඔබ මා වෙත යාවීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

පෙම් සිතුවිලි පිබිදේ
මේ මංගල රැයෙහි දිලී
තරු රෑනක් පායාලා
මල් යායක් පීදීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

මා හා ආ දා පෑහී ඒ මල් මාවතෙහි
නෑ නෑ ආයේ සෝ ගී නෑසෙයි ජීවිතයේ
මා හද එක් කර ආශාවෝ රැඳෙනා

නිල් තරු නෙතු...

දෑහී යාවී ආවේ මා ඔබ හා සුහදේ
ජාතී ජාතී පෑහී ආ ලෙස මේ සසරේ
මා ඔබ මින් මතු වෙන්වීලා නොයනා

නිල් තරු නෙතු...