නිල් සඳ මඩල බැස ගිහින්nil sanda madala baesa gihin

Nil Sanda Madala Basa Gihin

ගී පද

නිල් සඳ මඩල බැස ගිහින්
පිණිකැට වැටෙන වැහි යටින්
නලලත නලල තියා
මුහුණට මුහුණ හොවා
වෙන්වෙන මොහොතකට කලින්
වැලපෙමු නොදරුවන් ලෙසින් //

සැමට සැමදේ සමව උරුම නැති ලොවේ
අප තව දෙදනකු පමණයි //
සසර පුරා මෙහෙම අපට වැරදිලා ඇති
මට දුක මගේ ගැන නෙවේ 

නිල් සඳ මඩල ....

උනුන් පෙලා පොරට වැටී දිනනන තරගයේ
අපටයි පරාජය හිමි //
ගලන අතට නොව උඩු ගං දියේ පීනමු 
නැතිනම් බලා ඉමු අපි

නිල් සඳ මඩල....