නිල් නුවන් පෙඟෙනnil nuwan pengena

Nil Nuwan Pengena

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
අමරසේන කන්කාණන්ගේamaraseena kankaanangee

ගී පද

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා  තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා

නිල් නුවන් පෙඟෙන...

ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ
රස තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ... ඔබමය 
මගේ හිතත් ඔබ ළඟ නැවතිලා

නිල් නුවන් පෙඟෙන...