ගී පද
(නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
එපා කඳුලු පුරවා ගන්න ඔබේ නෙත් දෙකේ)..//
පිච්ච මල් වගේ සුවඳ ඔබෙ ගතේ
එපා සුවඳ පතුරවන්න බඹරු එයි නගේ
තොල් පෙති ඔබේ හරි දඟයි නගේ
එපා උන්ව සිප ගන්නට උන් විසයි නගේ
නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
එපා කඳුලු පුරවා ගන්න ඔබේ නෙත් දෙකේ
සුවඳ ඔබෙ ගතේ තවම ඇත හදේ
එපා සුවඳ අරන් යන්න නොදී ආදරේ
තොල් පෙති ඔබේ හරි දඟයි නගේ
එපා උන්ව සිප ගන්නට උන් විසයි නගේ
නිල් නුවන් ඔබේ
එපා කඳුලු පුරවා ගන්න
නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
එපා කඳුලු පුරවා ගන්න ඔබේ නෙත් දෙකේ