නිල් නෙතු සලාnil nethu salaa

Nil Nethu Sala

සංගීතය:
නයන් කුරේnayan kuree
පද රචනය:
ද-සන්dha-san

ගී පද

ඈ පෑ නුරා නිල් නෙතු සලා 
මදහාස පෙම් බැල්ම හෙලනා
රැය හා දිවා මට ළං වෙලා
නොකියන්නේ ඇයි ආලේ සඟවා....

සුරදේව්ලි කොහේ යන්නේ මා හා ළං වෙලා
මනහාරයි ඔබේ පෙම් සිනා.......
ඈ පෑ නුරා නිල් නෙතු සලා 
මදහාස පෙම් බැල්ම හෙලනා.......

(ජීවිතේ නැත තනිවෙලා ඔබ ළඟින් මම ඉන්නවා.....//)
කිසි දිනේ නැත හඬවලා ඔය හිත දනී ඒ බව සදා.....

ඈ පෑ නුරා.....

( මතු දිනේ ඔබ සැනහෙනා පෙම් වන්ත කුමරුයි මේ මා.....//)
කුමරියේ හද පුදසුනේ තනිවෙන්න නැළවෙන්න මා හා......

ඈ පෑ නුරා.....

සුරදේව්ලි කොහේ......