ගී පද
නිල් කටරොළු මල් ගොමුවේ පැණී උරණා සමනලයෙක්
මිදුලේ දුවපැන නටනා පුතුගේ අතේ ගල් අහුරක්
කුරුමානම වැරදුනාට කමක් නෑ පුතේ
සතුනට හිංසා වඳ දී නොවන් පුතේ දඟ ළමයෙක්
පුංචි කමට නොදැන කරන වැරදි වට සමානොවී
කෝටු පාර ඉඳ හිටලා නුඹට තවද්දී
නෙත කඳුළින් නුඹ හඩද්දි හිත කඳුළින් මං හැඬුවෙමි
නිල් කටරොළු මල .....
කිරි කල හත පෙවී නුඹට පා පොඩි එසවුන දා සිට
සුරතල් සිහිනයකි මගේ ළය මුළුගැන්වී රැඳුණේ
නුඹ හොඳෙ මිනිහෙක් වන දා මල් පිපියන් මගේ සිහිනේ