නිල් කඳු පවුරයිnil kandu pawurayi

Nil Kandu Pawurayi

ගී පද

නිල් කඳු පවුරයි - මහවැලි දිය ගඟුලයි
විරුවන් දිනූ - මා ඉපදුණු ගම මහනුවරයි

ගම මහනුවරයි - ගම මහනුවරයි
ගම මහනුවරයි - ගම මහනුවරයි

දළදා හිමි සිවු දිව් වැඩ වසනා
රතඳුල් මල් ගොමු බිඟුසර නගනා
සිහිලස දෙන වැව් කොමළිය රඟනා
සරු බිම සැමදා සිරිකත රැදෙනා

පඬිවරු යතිවරු - නිරතුරු ගැවසේ
සිරසක දී නිති - සරසවි නිවසේ
සදළු තලා මත කිඳුරියො හිනැහේ
එහි උපදින්නට පින් කල යුතුවේ