නිල් දෑසින්nil dhaesin

Nil Desin

ගී පද

නිල් දෑසින් හිනැහෙන්නේ - නාඳුණනා සුරතලියේ
මට මතකයි ඔබ උන්නා -  අප විදුහල් සැණකෙලියේ

පෙර හිත මිතුරන් හමුවේ - හිනැහී පාමින් සෙනෙහේ
සමනළියක සේ පියඹා - උඩවැඩියා මල් උයනේ
දඟකාර නෙතින් ඉඟි දී - පෑ කෝල සිනා සිහිවේ
මට මතනයි ඹබ උන්නා - අප විදුහල් සැණකෙලියේ

තරු වියනක් මැද අහසේ - පෑයූ පුන් සඳ විලසේ
මා හද අඹරේ පායා - හිනැහීයන් සදවතියේ
මේ ප්‍රේම හදක් තනි වී - වැළපෙන්නට පෙර ආයේ
මට මතකයි ඔබ උන්නා - අප විදුහල් සැණකෙලියේ