නිල් බලකාය තේමා ගීතයnil balakaaya theemaa giithaya

Nil Balakaya Theme Song

ගී පද

පෙර දැක්මෙන් සවිමත් එක හැඟුමෙන් බලවත්
තරුණ බලධාරා දුර දැක්මෙන් තෙදවන් 
එක පවුලක් විලසින් පණ දෙන්නේ රොද බැඳිලා
හැමදාම එකට වෙලිලා අභිමාන නාද පතුරා
ඉඳුරාම හීන දිනනා දිනනා.....

අපි නිල් බලකායේ යදම් විලාසේ මනබන්දයි එක ලෙසිනා
රට නංවන ගමනේ දිනන දිශාවේ ගෙන යන්නම් රිසි ලෙසිනා....//

දස දෙතින් සැමකල් එක් රොස් වී පණ මෙන්
විකුම් නද පාලා නව දැනුමෙන් පොහොසත්
බලගන්වා හැඟුමෙන් නගමු ජය ඝෝෂා
හැමදාම එකට වෙලිලා අභිමාන නාද පතුරා
ඉඳුරාම හීන දිනනා දිනනා.....

අපි නිල් බලකායේ.....//