ගී පද
නිල් අහසත් රළු පොලවත්
එක් වේවිද කවදාවත්
පන් පැදුරත් සත් මහලත්
මුහුවේවිද කවදාවත් //
උදා ගිරේ තනි තරුවයි ඔබ මට
වැළපෙන බිම් මල මාදෝ
කහවනු පවුරින් වටවුනු සිරගේ
පතනා කෙම් බිම් වේදෝ //
නිල් අහසත් ....
ක්ෂිතිජ ඉරක් වී නෙතු රවටනු ඇයි
නැති ලෙස සිතත් කයත්
අහසින් පොළවට බැස ආවොත් ඔබ
නෑ නොවැ හිතට දුකක් //
නිල් අහසත් ....