නිහඬ අරණ දළු මල් පුපුදයි nihanda arana dhalu mal pupudhayi

Nihanda Arana Dalu Mal Pubudai

ගී පද

නිහඬ අරණ දළු මල් පුපුදයි 
ආදරයේ සුන්දර සක්මන් 
හඬන ඇසට හසරැල් පළදයි 
ආදරයේ නිම්නැති අභිමන්...//

සයුරෙහි දිය කඳ මත හිඳ 
අහසින් එන වැහි බිඳුවට පෙරුම් පුරන්නම් 
දැල්වෙන ඉර හඳ යට හිඳ 
පහනෙන් එන එළි තිතකට ඇළුම් කරන්නම් 
ඔබ තරුවක් සේ ජීවිතයට  පායා ඒ නම් 

නිහඬ අරණ.../

නිල කඳු හිස ජය ගත් දින 
දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම් 
විල් දිය ඇහැරෙන කොඳ මල 
රතු ඇස් ඇති හිරු මඬලෙන් සඟවා ගන්නම් 
ඔබ කවියක් සේ ජීවිතයම පහදා දේ නම් 

නිහඬ අරණ.../