නිහඩ අරණ දළු මල්nihada arana dhalu mal

Nihanda Arana Dalu Mal

ගී පද

නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පළඳයි
ආදරයේ නිම් නැති අභිමන් //

සයුරෙහි දිය කඳු මත හිඳ
අහසින් එන වැහි බිඳුවට පෙරුම් පුරන්නම්
දැල්වෙන ඉර හඳ යට හිඳ
පහනෙන් එන එළි හිතකට ඇළුම් කරන්නම්
ඔබ තරුවන් සේ ජීවිතයට පහදා දේ නම්

නිහඩ අරන ......

නිල් කඳු හිස ජය ගත් දින
දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම්
විල් දිය ඇහැරෙන කොඳ මල
රතු ඇස් ඇති හිරු මඩලෙන් සඟවා ගන්නම්
ඔබ කවියක් සේ ජීවිතයට පහදා දේ නම්

නිහඩ අරන .....