නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳnihada welaa innee aeyi kiyanna ran kanda

Nihada Wela Inne Ay Kiyanna Ran Kada

ගී පද

නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ
කඳුළු සලා හඬන්නේ ඇයි හිනැහෙනා නෙත 
අඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකය
නපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව

වැරදි කලේ නෑ කිසිදා ඔයාට මගේ පණ
වැරදි කියා රිදවන්නේ ඇයි පිරිසිදු සිත
සසල වෙලා මගේ පෙම් සිත ඔයාගේ පාමුල
වැඳ වැටෙන්නේ රැක ගන්නයි අපි දෙන්නගේ පෙම

නිහඩ වෙලා ඉන්නේ ....

කුරුළු කූඩුවක් හදන්න එක මොහොතින් බැරි
කුරුළු කූඩුවක් කඩන්න එක මොහොතක් ඇති 
සිතට පියාපත් ලැබුනම පියාඹන්න හැකි
මොනදේ ලැබුනත් ඔයාව දාලායන්න බැරි

නිහඩ වෙලා ඉන්නේ ....