ගී පද
නිහඩ පාලු හැන්දෑවේ...හීන ගංතෙරේ...
පේවි එන්න ඇත්නම් සීතලේ...
කෝඩුකාර හීනයේ..හදට බැදි සෙනේ...
දෝරෙ යන්න වාගෙයි හීසරේ...
ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී..
අපට අප අහිමියි හිතවතී..//
කදුළු ගැල්වූ නෙත් තීරේ..හැගුම් තෙරපිලා..
හදේ සුසුම් ඇහැරී රෑ පුරා...
බිදුනු හීන සිත් යායේ..
ශෝකෙ පල කලා..හීන පිරූ කාලේ සිහි වෙලා..
ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී...
අපට අප අහිමියි හිතවතී..
පාළු ගලන රෑ තිස්සේ මතකයකට වෙලා..
කොතෙක් කල් සිටිම්දෝ වැලපිලා..
සිදුනු හීන ඔය ලමැදේ සුළග අත එවා..
යන්න ඔබ ඉතින් ඔහු කරා..
ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී...
අපට අප අහිමියි මේ භවේ...
නිහඩ පාලු හැන්දෑවේ...හීන ගංතෙරේ.../