නිහඩ හිත් මානයේ පිපීnihada hith maanayee pipii

Nihada Hith Manaye Pipi

ගී පද

නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ
නිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමි
නිබඳ සන්තෝසයක් ගෙනා සොඳුරු සෙව්වන්දියේ
මොකද දඟකාර මේ තරම් නැතිද ඉස්පාසුවක්
මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන්

ආදරේ රස මදිරා
ඔහේ දෝරේ ගියාවේ උතුරා
මං තාම කෝඩුකමින් මිරිකී
හිතට හීලෑ නැති හැගුම් කිති කැවි කැවී

 නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ
නිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමි
මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන්

ආකහේ විහගෙක් සේ
සිත ඈත ගියාවේ පියඹා
ඔබ වින්ද පෙම් රැහැනෙන් පටලා
හිත නිස්කාරණේ හීනයක් අැදුවේ

නිහඩ හිත් මානයේ ...