නිදිබර සිතුවිලි පුබුදාලාnidhibara sithuwili pubudhaalaa

Nidibara Sithuwili Pubudala

පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

නිදිබර සිතුවිලි පුබුදාලා
පිනිදිය ගඟුලෙහි නහවාලා
අරුමැසි විසිතුරු පවසාලා
සුමියුරු සත්සර නංවාලා......

(පියමැන ආ මග මුතු අතුරා
සිහින් රුවන් සොමි කැන් පතුරා....//)
සුරත ගෙන ඇදී පැමිණි ගමනෙදී
එමට මල් පිපී නොබැලුවෙමි එබී......

නිදිබර සිතුවිලි......

(පිවිතුරු මා හද ඔබට පුදා
පායන තුරු පසු දින දිනිදා....//)
ගෙවූ මැදියමේ තවම උණුසුමේ
ඔබට අමතකයි
මට තව මතකයි......

නිදිබර සිතුවිලි.......