නෙතු යට ඉඳන්nethu yata indan

Nethu Yata Indan

ගී පද

නෙත් මානෙ පායන්න සඳවතිය වෙලා
සිත් යායෙ දැවටෙන්න තුරුලේ නිදා
රෑ යාමෙ සඳ එළිය සිත්තම් කළා
ඔබෙ මතක කඳුළැල්ලේ දෝරා ගලා

(නෙතු යට ඉඳන් - මගෙ නෙත් හොරෙන්
මේ දුක් සුසුම් - ගලනා තරම්) //

(සිත මා වෙනස් වෙන්නේ නැහැමයි කියා 
මියැදෙන්නේ මා තුරුලේ ඔබ දිවුරලා)//
සැනසෙන්නේ මගෙ ආදරෙන්මයි කියා
මගෙ නළල සිපගත්තා අද මෙන් ඔයා

නෙතු යට ඉඳන්...

(මියැදෙන්න සැනසෙන්න දිවුරූ කතා 
දැනුනේ අදයි ඒ මුසාවන් කියා) //
ආදරයෙන් සිත මාගේ පුරවා ඔයා
නාඳුනන සේ යනවා මා හඬවලා

නෙතු යට ඉඳන්...