නෙතූ සැලුනා කඳුළින් දෑස පිරීnethuu saelunaa kandulin dhaesa pirii

Nethu Seluna Kadulin

ගී පද

නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී...
ඔබ සිටියා කවුළුව ලඟටම වී...
මග තොටදී නොදුටුව විලස ඇදී...
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී...

ගිම්හානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී යලි එය සිහිකරමී...//

මුවැත්තියක් ගුරුගෙට ආවා..
හන්තානත් ඉඟි බිඟි පෑවා...
මල් පාරත් මට අත වැනුවා..
සුන්දර වූ සැන්දෑ ගෙවුණා...
දුක සංකා නිවුනි අප දෑතම බැදුණී මා ආදරේ ඔබට මයි..

නෙතු සැලුනා කඳුළින් දෑස පිරී...
ඔබ සිටියා කවුළුව ලඟටම වී...
මග තොටදී නොදුටුව විලස ඇදී...
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී...

ගිම්හානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී යලි එය සිහිකරමී...//

වස්සානේ මහ වැසි වැටුණා..
දෙසුම් හලේ පාළුව දැනුණා...
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා..
සඳ නැතිවම දින සති ගෙවුණා...
මැයි මල් පිපෙන තුරා මහවැලි ගලන තුරා මා නෙත් පියෙන තුරා...

නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී...
ඔබ සිටියා කවුළුව ලඟටම වී...
මග තොටදී නොදුටුව විලස ඇදී...
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී...

ගිම්හානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී යලි එය සිහිකරමී...//