ගී පද
නෙතු පියන්න එක මොහොතක්
තරු එළිය නිවා
බලා ඉන්න ආසයි ඔය
පුරා හඳ දිහා
වෙන්ව යන්න මත්තෙන් ඔය
දෙතොල මුමුණලා
හිත හැදෙන්න මට කියන්න
ආදරෙයි කියා
තව සැරයක් මට කියන්න
ආදරෙයි කියා
වෙන් නොවන්න කවදාවත්
පණ තියෙන තුරා
පොරොන්දු වූවා මතකද
හිසට අත තියා
හොරෙන් හාදු තිලක තියා
නළල සරසලා
හිනා උනා මතකද අපි
කදුළු එන තුරා...//
නෙතු පියන්න...
රෝස දෙතොල් සුදුමැළි වී
තෙපුල් පැටලුනා
ගලාන ආ කදුළු බිංදු
ළය මත මිදුනා
අදහ ගන්න බැරි තරමේ
හීනයක් උනා
රත්තරනේ ඔයා මගෙන්
වෙන් වෙලා ගියා....//
නෙතු පියන්න.....