ගී පද
නෙතු කකියන තරමට මා
කඳුළු හංගා හොරෙන් හැඬුවා
ඔබ මා හැරදා ඉගිලී යාවියයි නොදැන සිටියා
ඔබ ආයෙත් ආවොතින් //
නළලතින් එන සුමුදුම සුවඳට හිත වශීම වේවී
කෙහෙරැළින් එන සිනිදුම සිසිලට ආලකම් හිතේවී
ඔබ ආයෙත් ආවොතින් //
තනි යහනේ සිදුවන දේ දැනුනෙ නෑ
හිත ඉකිබිඳ කියනා දේ තේරෙන්නෑ
අතීතයේ සැමරුම් සොයා හිත කොහේදෝ පාවුණා
ඔබ ළයේ උණුසුම සොයා මුළු යහනම සිප ගත්තා
ඔබ ආයෙත් ආවොතින් //
නෙතු කකියන