නෙතු දැහැන් බිඳී හද විමන් වදීnethu dhaehaen bindii hadha wiman wadhii

Nethu Dahan Bindi Hada Wiman Wadi

ගී පද

නෙතු දැහැන් බිඳී හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනහසින් බැඳී සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

ගණදුරෙන් මිදී තරු රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරි
මීදුමෙන් ඇදී සිහිලසින් එතී
නෙතු අගින් බලයි කුමරී

නෙතු දැහැන් ....

හසඟනන් පිරී පෙති පියුම් ඇරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී තොල් අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී

නෙතු දැහැන් ....