නෙතු අතරින් රූරාලා කදුළු කෑගසාnethu atharin ruuraalaa kadhulu kaegasaa

Nethu Atharin Rurala Kandulu Kagasa

ගී පද

නෙතු අතරින් රූරාලා කදුළු කෑගසා
අන් සතුවුනු ඔබ ඉල්ලා හඬයි ඉකි ගසා
රෑ පුරා විඳවනා හීන පාරලා
තනිවෙලා තැවෙනවා ඔබ සිනාසෙනවා
හිමි දුක විදවන්නම් මා සිනහවෙන් වසා

අරුත නොසොයා ජීවිතේ ඔබෙ නමින් ලිව්වා
ඔබට නොකියා හීනයේ තනිව මං උන්නා
කී කතා ලං වෙලා ආදරේමයි සිතා
ජීවිතේ වැරදිලා රැවටුනා මං එදා

ලොවට සඟවා ආදරේ හිරකරන් උන්නා
හිවුඩු පිපෙනා හීතලේ මතකයන් වින්දා
නොලැබෙනා ඔබ පතා හිත හුගක් හැඬුවා
හිනැහිලා ඉන්න මා සුභ පැතුම් සැමදා

නෙතු අතරින් රූරාලා ....