ගී පද
නෙතින් නෙත හමුවී සුසුම් සර ගොළු වී
අපි බලා උන්නා හිතේ තෙරපෙන හැඟුම් ගුලි වී
කියාගන්නට බැරි වී මොකක්දෝ ලෙන්ගතුකමක් ළඟ
සිතුම් පොදි සිර වී මොකක්දෝ ලෙන්ගතුකමක් ළඟ......
නුඹ නැතත් මට හමු වී
සුපුරුදුයි වගේ දැනුනේ
ඔය දිගැස් දැනුනේ මගේ මුළු හිත
ලැඟුම් ගෙන තිබුණි......
හිත පියාපත් හිමි වී
සැරිසරයි දුර ඉගිල්ලී
සිහිනයෙන් වගේ ඔහේ දිව ඈ
සුවඳ මට දැනුණි......
නෙතින් නෙත....