නෙතින් ගලා යන කඳුලැල් හමුවේnethin galaa yana kandulael hamuwee

Nethin Gala Yana Kandulal Hamuwe

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee

ගී පද

නෙතින් ගලා යන කඳුලැල් හමුවේ
පිවිතුරු පෙම් කැකුළක් මිලිනව හැඬුවේ
මා පිදු පිවිතුරු පෙමට මුලා වී
කව්රුදෝ ඔබ ලඟ සැඟ වී සිටියේ
නෙතින් ගලා යන කඳුලැල් හමුවේ

ඔහුට පුදන්නට පිවිතුරු පෙම් බස්
තවමත් ඔබ ලඟ ඇත්ද ලයේ
මා වැනි ඔහුටත් කෙබදු දිනක හෝ
ඔබ කී පෙම් බස් සිත පාරයිද ලඳේ

නෙතින් ගලා යන .....

ඔබ ගියදා සිට අදටත් සිත ළඟ
දහසක් පෙම් මල් පිපී වැඩේ
ඒ වගෙ මල් වල පහස විඳින්නට 
තවමත් මගෙ සිත බයයි ලඳේ

නෙතින් ගලා යන ....