නෙතට උළෙලක් විය එදා ඔබnethata ulelak wiya edhaa oba

Nethata Ulelak Wiya Eda Oba

ගී පද

නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිදුවක් වුව මෙදා...
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා..//

ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
හිතන්නට වත් නොහැකි හින්දා
ඔබේ හිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා...

නෙතට උළෙලක්...//

ඔබේ රුව රසදුනක් වූවට
කමක් නැ මට තවත් ඇසකට...
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිතිවෙනු බෑ දරාගන්නට...

නෙතට උළෙලක්...//