නෙතට නෙතnethata netha

Nethata Netha

ගී පද

නෙතට නෙත මුණගැසුණදා 
නුඹ නොදැක්කා සේ ගියා නම්
හිත පුරා විදි තනිකමක් නැහැ
නුඹට මම පෙම් නොකළේ නම් //

මගේ ඇසිපිය යට තියාගෙන
රැකගත්ත රුව බොඳවෙලා
මට මමත් හිමි නැති තරම් පෙම් කළ
නුඹත් මා හැර ගිහිල්ලා
නුඹ කොහේදෝ දුර ගිහිල්ලා

නෙතට නෙත ....

හද රිදුම් දී පිපිද මිය යයි
මතකයේ රැදෙන්නේ
කිසි දිනක නුඹ නොලැබෙන නිසාදෝ
නුඹ මේ තරම් මට දැනෙන්නේ

නෙතට නෙත ....