නෙතඟින් ගලන්නේ ලේ කඳුළු වැල්nethangin galannee lee kandulu wael

Nethagin Galanne Le

ගී පද

නෙතඟින් ගලන්නේ ලේ කඳුළු වැල්
මං කොහොම ඉන්නේ දුක තද කරන්
සිරැරෙන් ගැලූ ලේ කිරි සාගරේ
නුඹේ පුතුට දුන්නේ හරි ආදරෙන්
ඇස් දෙක පියාන නුඹ අද ගියාට
නුඹේ පුතු දෙසවත් නොබලා
නුඹ නැති මේ ලෝකේ 
ඉන්නේ කොහොමැයි මා
නුඹ යන්නෙපා අම්මේ මා හැරදමා
ඔබ යන්නෙපා අම්මේ මා හැරදමා

රෑ හඬන අහසේ තනි තරුව විලසේ
මේ දිවි මඟේ මං අද තනි වෙලානේ
පිළිගන්නේ නෑනේ මේ මාගේ හෘදේ
යළි නේන ගමනේ නුඹ ගොස් කියා
යළි නේන ගමනේ නුඹ ගොස් කියා

සුදු වැල් දිලෙන්නේ මා හ`ඩවමින්නේ
ගිනි ගොඩක නුඹේ පුතුගේ හිත දැවෙනවානේ
පිළිගන්නේ නෑනේ මේ මාගේ හෘදේ
යළි නේන ගමනේ නුඹ ගොස් කියා
යළි නේන ගමනේ නුඹ ගොස් කියා

නෙතඟින් ගලන්නේ...