නෙතඟින් බලාnethangin balaa

Nethagin Bala

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ඉෂාන් සංදීපishaan sandhiipa

ගී පද

නෙතඟින් බලා සැනසෙමින් 
ආයේ හමුවන්න බැරි බව දැනන් 
කෙඳිරූ වදන් දෑත අල්ලන් සෙමින් 
(යන්න බැහැ තාම එයි මතකයෙන්...//)
     
(මගෙ ආදරේ ඔබමයි කියා 
ඔබ කී කතා සිත පාරවා...//)
සඳ සේ සිනා වීලා ඔයා 
ඒදෝ කියා සිටිමි බලා  

(හැරදා ගියත් මා පෙම් කළා 
ඉගිලී හොරෙන් එයි දැයි කියා...//)
කඳුළු වැටුනා දෙනෙත රිදුනා 
කිසිදා යලි නොඑනා නිසා 
 
නෙතඟින් බලා සැනසෙමින්....