ගී පද
නෙත සෙව්වා ඔබේ මිහිරි දෑස
නොදනී නෙත රැදුණ කඳුල දුර ගිය
ඔබ යළි නොඒද මා දෑසින්
(වැහි කඳුළු බිංදු වැටුණා ඔබ දුරක කියා සිතුණා
මා හැරදා නෙත පෙළු ආදරී........//)
ළං වී උන්න පෙර ආත්මයේ
දැන් නුඹ කොහේද මා ළබැඳියේ
සිතුවේ ඉන්නට ඔබේ මුළු ජීවිතයේ
සත්තයි ළඳේ.......
(වැහි කඳුළු බිංදු වැටුණා ඔබ දුරක කියා සිතුණා
මා හැරදා නෙත පෙළු ආදරී........//)
සඳමයි ඔබ මා සිත් අහසේ
නොදනී ඇයි ද අහසම අඳුරේ
ගිය දුර බොහෝමයි මගේ ආදරේ
ඔබ හිමි නෑ මට මේ ආත්මයේ........
(වැහි කඳුළු බිංදු වැටුණා ඔබ දුරක කියා සිතුණා
මා හැරදා නෙත පෙළු ආදරී........//)
නෙත සෙව්වා........