නෙත පිනන රුසිරුnetha pinana rusiru

Netha Pinana Rusiru

සංගීතය:
එම්. කේ. රොක්සාමිem. kee. roksaami
පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

නෙත පිනන රුසිරු වත ඔබෙයි
සිත එකඟ කරන සිත ඔබෙයි
රන් දිමුතු මුතු ද ළඟ තිබෙයි
මගෙ සියළු දෙයම මතු ඔබෙයි

ගඟ සරැලි තඟා වන පෙතේ
සිඳු තුරුල වෙතට දිව යතේ
මට මෙලෙස වරත සිහි වෙතේ
ඔබ ගඟය මුහුද මා වෙතේ

මුතු මොටද සොඳුර පල නැති
ඔබ කරන විටදි ප්‍රිය ගතී
එනු මැනවි සුළගෙ එති එතී
මගෙ කුටිය වෙතට දුර ඇතී