නෙත නෙත ගැටුණ වෙලේnetha netha gaetuna welee

Netha Netha Gatuna Wele

ගී පද

නෙත නෙත ගැටුණ වෙලේ
මගෙ සිත සලිත වුනේ
රෑ සිහින පවා හිත හැනැහෙනවා
හද ගැඹුරේ ඇඳුනේ ඔබගේ රැව තමා
මම ආදරෙයි මම ආදරෙයි
දිවි තිබෙන තුරා ඔබට ආදරෙයි

පුර සඳ දිලෙන රැයේ සිසිලස දැණුනු පැයේ
ඔබ සිහිවෙනවා සිත කකියනවා
තරු අතරේ දිලුනේ ඔබගේ රුව තමා
මම ආදරෙයි මම ආදරෙයි
දිවි තිබෙන තුරා ඔබට ආදරෙයි

සඳවත සැඟව ගියේ අහසම අඳුරු වුනේ
මේ අඳුර ඉරා යළි දිලෙන තුරා
හද පතුලේ මැවුවේ ඔබගේ රුව තමා
මම ආදරෙයි මම ආදරෙයි
දිවි තිබෙන තුරා ඔබට ආදරෙයි //
දිවි තිබෙන තුරා ඔබට ආදරෙයි //