නේරංජාවේ තොටුපල අභියසneeranjaawee thotupala abhiyasa

Neranjawe Thotupala Abhiyasa

ගී පද

නේරංජාවේ තොටුපල අභියස
කදමළු බැඳගෙන ඇයි ඉන්නේ
ඔරුවක නැගලා එගොඩට යන්නට
ඇයි මේ තවමත් ලතැවෙන්නේ //

හබල ඇදී දිය රැළි ඉපදී
පෙණ බුබුළු නැගී දිය සුළ කැරකී
ගඟ දිය සසලයි යන මග කටුකයි 
එනිසයි තවමත් ලතැවෙන්නේ //

නේරංජවේ .......

හිසෙහි රැදී කදමළු බරවී
ඔරු කඳ පෙරලී යාවි ද සැඟවී
ගඟ දිය සසලයි යන මග කටුකයි
එනිසයි තවමත් ලතැවෙන්නේ //

නේරංජාවේ .......