නේනාneenaa

Nena

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

ගී පද

ඒ නෙකලු රූ මනා
හිත අලවි කිති කවා 
නොහිම් සතුට ඔය මල මට 
ලමැදි දී නුරා
මේ දැහැනින් මන් මත් වෙලා 
පාවෙන්නම් මන් හිත හිතා  
විදිම් සුවඳ ඔබ දෙස එක
එල්ලෙම නෙත යොමා....

නේනා.. ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා......

රූරා ඒ රුවට රුවට මා
ලන් වෙන්නයි ඕනා 
මනසේම රඳෝනා

ඒ විසේකාර රුව හලා 
යන්න බැහැ අතහෑර පලා
රෑ තිස්සෙම නින්දෙම මංගාව අලන්කාරෙ
ඉන්ඩ හීනෙ සින්ඩරෙල්ල වගෙ කෙල්ලෙ

හැඩයි මලක් වගෙ සැරයි මිරිස් වගෙ 
වනයි කුල්ලක් වගෙ පොලයි නලෝ
මගෙ සින්නකක්ර නැතැයි අන්තපුර
එක කැලයි කරෙ ඔයයි බිසෝ

ඒ.. සද්දන්ත ඇතා දැන් මෙල්ල වෙලා 
දැක්කම පිපුන නාරිලතා
මත් වෙන්නම් සදා ගාවින්ම ඔයා
ඇස් දෙක නුරා ගාන්න නේනා

නේනා ඒ නැවත නැවත මා 
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා...
රූරා ඒ රුවට රුවට මා
ලන් වෙන්නයි ඕනා 
මනසේම රඳෝනා..//